මුල් පිටුව

ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන කි.

විශේෂාංග ලිපිය

Zahntempel Kandy.jpg

ශ්‍රී දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් අතරින් ශ්‍රී ලංකාවේ ඇති දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට ලංකාද්වීපයේ රජකමට හිමිකම ඇත. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හෝ අස්ගිරි දෙපාර්ශවයක ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට තේවාව නම් පූජා සත්කාරය පවත්වනු ලබයි. මෙම තේවාව දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: –

ඔබ දැන සිටියාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

  • ...ලිනස් ටොවල්ඩ්ස් (ඡායාරූපිත) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • පුවතකින් බිඳක්

    අතීතයේ අද වැනි දිනෙක ...

  • 1918ලැට්වියාව රුසියාවෙන් නිදහස ප්‍රකාශ කරයි.
  • 1947නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • 1971ඕමානය එක්සත් රාජධානියෙන් නිදහස ප්‍රකාශ කරයි.
  • 1988එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට ජනාධිපති රොනල්ඩ් රේගන් අනුමැතිය ලබාදී තිබේ
  • 2006ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් කෘර ප්‍රහාරකින් ශ්‍රී ලංකා නාවික සෙබළුන් 10 දෙනෙකු මිය ගියා.
  • 2010මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය (සේයාරුව) විවෘත කළා
  • තවත් සිදුවීම්: නොවැම්බර් 17නොවැම්බර් 18නොවැම්බර් 19
    විද්‍යුත් තැපෑලෙන්තවත් සංවත්සර...
    දැන් වේලාව 2022 නොවැම්බර් 18 (UTC) –

    විශේෂාංග පින්තූරය

    Australasian Darter

    පයි හී අර්ථදැක්වීම පෙන්වන සජීවීකරණ රූපයක් . ඒකක විෂ්කම්භයක් සහිත වෘත්තයක් අනුසාරයෙන් සංඛ්‍යා රේඛාවක් ක්‍රමාංකිත කොට ඇත. ශුන්‍යයෙන් අරඹා, වෘත්තය එහි පරිධිය "දිග හරියි" . දිගහැරුනු පරිධිය එක් මුළු වටයක් අවසන අප විසින් π ලෙසින් හඳුන්වනු ලබන ස්ථානය වෙත ලඟාවී ඇත. මෙය තාත්වික එහෙත් අපරිමේය, අනුභූති-උත්තර, සහ කවකටුව සහ සෘජු දාරය භාවිතයෙන් නිර්මාණය කළ නොහැකි සංඛ්‍යාවකි .

    ඡායාරූපය:

    තෝරාගත් සේයාරූ: – –

    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

    • – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියා සහෝදර ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.


    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය

    විවෘත පුවත්පත් කලාව
    (මෙය සිංහලෙන් නොපවතියි)

    නිදහස් ශබ්දකෝෂය

    පෙළපොත් සහ අත්පොත්

    උපුටා දැක්වීම්
    (මෙය සිංහලෙන් නොපවතියි)

    ජීවි විශේෂ නාමාවලිය

    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)

    සංචාරක මාර්ගෝපදේශකය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    මූලාශ්‍ර පාඨ

    දැනුම් සංචිතය

    සම්බන්ධීකරණය

    විකි මෘදුකාංග සංවර්ධනය

    විකිපීඩියා භාෂාවන්